නාවලපිටිය පල්ලේගම වසා දැමුණු තේ කම්හලක් රුපියල් ලක්ෂ පහකට මිලට ගැනීමට ආ අට දෙනෙක් නාවලපිටිය පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබුහ.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමටද අයත් වු බව කියන මෙම කම්හලේ අයිතිය පිළිබඳ ගැටළුවක් පවතින බවත් කිසියම් පුද්ගලයකු එය එම පිරිසට විකුණා ඇති බවත් තේ කම්හල ගලවාගෙන යාමට ඇඹිලිපිටියෙන් ආ පිරිස් මාසයකට සෑහෙන්න කෑම බීම ගෙනවුත් තිබු බවද පොලීසිය කියයි.

