
72 වන ලෝක රූ රැජින අවසන් මහා තරගය අද (31) ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය. ඒ, ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර හයිටෙක් සම්මේලන මධ්‍යස්ථානයේදීය.
ලෝක රූ රැජින අවසන් මහා තරගයට ඉදිරිපත් වන ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකරට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සුබ පතා ඇත. ඒ, සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනි.


