හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේ විවිධ හේතු දක්වමින් අනිවාර්ය නිවාඩු යැවූ යුද හමුදා මේජර් ජනරාල්වරයෙකු ඇතුළු නිලධාරීන් 10 දෙනෙකු යළි සේවයේ පිහිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇත.
යළි සේවයේ පිහිටුවීමට නියම වූවන් අතර මේජර් ජෙනරාල්වරයෙකු, බ්‍රිගේඩියර්වරුන් පස් දෙනෙකු, කර්නල්වරයෙකුද සහ කපිතාන්වරු දෙදෙනෙකුද සිටින බව වාර්ථා වෙයි.
මේ පිරිසේ පත්විම් යළි ක්‍රියාත්මක කර ලෙස ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා විසින් ආරක්ෂක ලේකම්වරයා හරහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාට දැනුම් දී ඇත.

