(යොහාන් භාසුර, සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
මෙරට ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අද (22) අභාවප්‍රාප්ත විය.
අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වන විට 75 වන වියේ පසුවිය.
රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අභාවප්‍රාප්ත වූ අතරඒ මහතා ගායනා කළ ගීත අතරින් නත්තල් ගීත වීම විශේෂයෙන් කැපී පෙනේ. බෙත් ලෙහෙම් පුරේ - දිළිඳු ගව ලෙනේ ගීතය වඩාත් ප්‍රසිද්ධි ගීතය වේ.
මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය ලැබූ භාරතී මහතා, වසර 50 ක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කළ අතර, ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද ඒ මහතා කටයුතු කළේය.