අනියම් සැමියා සැකපිට


බම්බලපිටිය  ශාන්ත  පීතර  විදුහලේ   පාසලේ  පිරිසිදු කිරිමේ  රාජකාරියේ  නිරත සේවිකාවගේ  මරණය  සම්බන්ධයෙන්  ඇගේ   ජංගම  දුරකථනයේ අංකය  ඔස්සේ   කළ පරික්ෂණ  අනුව අනියම්   සැමියා  සහ  පාසලේ  ආරක්ෂකයකු  සැකපිට අත්අඩංගුවට   ගත්  බව  පොලිසිය  කියයි.

කාන්තාව හා  මෙම  සැකකරු   අතර  පාසලේදී අනියම් සම්බන්ධයක් සිදුව ඇති බවත් එහිදි  කිසියම්  පහර   දිමක්   මත  ඇය මිය ගොස්  ඇති  බවටද  පොලිසිය සැකකරයි.

පිටස්තර  පුද්ගලයෙකු   පාසලට   ගැනිම  හා   මෙම සිද්ධිය  පොලිසියෙන්   වසන්  කිරිම  සම්බන්ධයෙන්   පාසලේ   ආරක්ෂක  නිලධාරියා අත්අඩංගුවට  ගෙන  තිබුණි.