අනියම් බිරිය බලන්න බසයක් සොරාගනී
ගම්පොළ ඩිපෝවේ නතර කැර තුබූ බසයක් සොරාගෙන අනියම් බිරියව බැලීමට ගිය බව කියන පෞද්ගලික බස් රියැදුරෙක් ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත් නිලන්ත පිලපිටිය මහතා විසින් ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පුස්සැල්ලාවේ උපුල් නිශාන්ත හෙවත් සනා ඔහුය. පුස්සැල්ලාවේ දී ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයකුගේ ඇඟිලි සපා කා පැන යන්නට ගත් උත්සහාය අසාර්ථක වී යැයි පොලිසිය කියයි.

