අන්ධයා කොල්ලයක් මෙහෙයවයි


අන්ධයකු විසින් මෙහෙයැවුණු කොල්ලයක සැකකරුවන් වසර හයකට පසු  අත්අඩංගුවට ගෙන සොර බඩු වලින් කොටසක්ද සොයා ගත් බව පොලීසිය කියයි.

2007- 02- 03 වැනිදා මෙම කොල්ලය සිදු වුයේ බුලත්සිංහල වොෂින්ටන් හන්දියේ නිවසකදීය.ගිනි අවි හා පිහි රැගත් පස් දෙනකු රුපියල් ලක්ෂ පහක රන් අභරණද  නි‍වසේ තිබු වෙනත් බඩු මුට්ටුද පැහැරගෙන ගොස් ඇත. සොර මුලේ නායකයා බව කියන අන්ධයා ත්‍රිරෝද රථයක සිට සොරකම මෙහෙයවු බවත් හමුදා‍වෙන් පැන ගිය සෙබළෙකුද කොල්ලයට සම්බන්ධ බවත් පොලීසිය පවසයි.