ලොව පුරා කතෝලික ජනයා අද ශාන්ත අන්තෝනි මුනිඳුන් සමරති.
ශ්‍රී ලංකාවේ ද ශාන්ත අන්තෝනි මුනිඳුන්ට කැප කර ඇති දේවස්ථාන වල මංගල්‍ය අදට යෙදී ඇත.
බටගම ශාන්ත අන්තෝනි මුනි දේවස්ථානයට වසර 125 සපිරෙන ජුබිලි මංගල්‍ය අදයි.
අද උදෑසන ප්‍රධාන දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.