උඩවලව ජාතික වනෝද්යා නයේ හම්බෙගමුව අරඹෙකෙම අක්කර දෙකක කංසා වගාවක් වටලා ටී 56 ගිනි අවියක් හා පතුරොම් තුවක්කුවක් සොයා ගත් බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි.
උඩවලව ජාතික වනෝද්‍යාන බාරකරු එච් පී ජයමාන්න මහතා ඇතුළු හත් දෙනෙක් එම වැටළීමට ගියහ.
අත්අඩංගුවට පත් වූ සිව් දෙනකු අතරේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරුන් දෙදෙනකු හා හම්බෙගමුවේ වැසියන් දෙදෙනකු සිටි බව වනජීවී නිලධරයෝ කියති.
පොලීසිය කියනුයේ තමන් ද කංසා හේන් වැටලීමට ගිය බවයි.
එහෙත් එවැනි වැටලීමකට පොලීසිය යන බව තමනට නොදැන්වීයැයි වනජීවී දෙපාර්තමේන්තුව කියයි.
වනජීවී නිලධාරීන් 22 වැනිදා කැලෑවට ඇතුළුවී අද (23) උදෑසන වනෝද්යාකනයට අයත් හම්ඛෙගමුව අරඹෙකෙම ප්‍රදේශයේ සෝදිසියක නිරත වෙද්දී ගල්තලාවක කංසා වේලමින් තිබු තැනක සිව් දෙනෙකු දුටු බවත්ල ඔවුන් අත ටී 56 ගිනි අවියක් දල පතරොම් තුවක්කුවක් ද තුබූ බවත් වනජීවී නිලධරයෝ කියති.
ගිනි අවි අතැතිව සිටි දෙදෙනා වනජීවි නිලධාරීන්ට ඒවා එල්ල කළ බවත්ල ඔවුන් සිව් දෙනා අත්අඩංගුවට ගත් බවත්ල සැකකරුවන් පරීකෂා කිරිමේදී එක් අයෙකුගේ සාක්කුවක පතරොමක් තිබූ බවත් ඔවුහු පවසති.
පානදුර වලානේ දුෂණ මර්දන ඒකකයේ දෙදෙනකු සහ හම්ඛෙගමුවේ දෙදෙනකු ලෙ ඔවුන් හඳුනාගත් බවත් වනජීවී නිලධරයෝ පවසති.
පොලීසිය කියනුයේ එක් පොලිස් කණ්ඩායමක් එක් කංසා හේනක් වටලා එතැන සිවු දෙනෙකු නවත්වාල සෙසු පිරිස තවත් හේනක් වැටලීමට ගිය අවස්ථාවේ වනජිවී නිලධාරීන් පැමිණ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

