තමාට හිඟ විශ්‍රාම වැටුප් සහ දීමනා ලබා නොදීමට එරෙහිව විශ්‍රාමික ආබාධිත සෙබළුන් පිරිසක් ගොනු කල රිට් පෙත්සමක් ලබන සැප්තැම්බර් 28 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද(21) තීරණය කළේය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා , හමුදාපති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කොට සිටින එම පෙත්සම විශ්‍රාමික ආබාධිත සෙබළුන් 291 දෙනෙකු විසින් ගොනු කර තිබිණි.
අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ඉදිරියෙහි මෙම පෙත්සම කැදවිණි.
එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමග පැවති ක්‍රියාන්විත වලදී සුවිශාල කාරය භාර්යක් කර ඇති තමන් ඒ වෙනුවෙන් ආබාධිත තත්තවයට පත්වූ බවද පෙත්සම්කරුවන් කියා සිටිති.
එසේ තිබියදී තමන්ට හිමි විශ්‍රාම වැටුප් ඇතුළු ඇතැම් දීමනා ලබාදීමට වගඋත්තරකරුවන් කටයුතු නොකල බවද පෙත්සම්කරුවන් සිය පෙත්සමේ කියා සිටිති.ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට ඉල්ලීම් ඉදිරිපත් කලත් එය ඉටු නොවූ බවට පෙත්සම්කරුවන් කියා සිටී.එබැවින් තමන්ට හිමි දීමනා සහ වරප්‍රසාද ලබා දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කරන්නැයි ඔවුන් පෙත්සමින් ඉල්ලා ඇත.




