තවුහිද් ජමාත් නමැති අන්තවාදී සංවිධානයේ ලේකම් අබ්දුල් රසීක් දෙසැම්බර් 9 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (29) නියෝග කළේය.
මාළිගාවත්තේ පැවැති උද්ඝෝෂණයකදී බුදු දහමට හා මහා සංඝරත්නයට අපහාස වන පරිදි ප්‍රකාශ සිදුකළැයි ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
ඔහුගේ ඇප ඉල්ලුම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ඔහුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන එවැනිම නඩුවක යළි කිසිදු ආගමකට අපහාස නොකරන්නැයි ලබාදුන් ඇප කොන්දේසිය කඩකිරීම නිසා ඇප ලබාදිය නොහැකි බවයි.