අන්තවාදි ප්‍රචණ්ඩත්වය රජයෙන්ලු


ආගම්වාදී  ජාතිවාදී ගැටුම් අවශ්‍යව ඇත්තේ  ආණ්ඩුවට බවත්  ජනතාවගේ සෑබෑ ප්‍රශ්න යටපත් කොට  ආගම්වාදය අවුලුවා  එමගින් ජනතාවගේ අවධානය වෙනත් පැත්තකට යොමු කරවා ගැනීමටත් රතුපස්වල වෙඩි තැබීම නිසා  නිර්මාණය වු ආණ්ඩු විරෝධි මතය යටපත් කැර ගැනීමටත් මෙවැනි සිදුවීම් ආණ්ඩුවට අවශ්‍ය බව  ජනතා විමුක්ති පෙරමුණ කියයි.

එබැවින් ආණ්ඩුවේ පටු දේශපාලන  වුවමනා  ඉටු කරන මෙවැනි  ගැටුම්වලට දායක නොවීමත් ඒවා හෙළා දැකීමත් සාධාරණයට ගරු කරන සියලු ජනතාවගේ වගකීම බවද අන්තවාදී  ප්‍රචන්ඩත්වය  පසුබිමේ  ඇත්තේ  ආණ්ඩුවේ  දේශපාලන බලය හා  අනුග්‍රාහය බවද  එම පක්ෂය කියයි.

පසුගිය දහ වැනිදා කොළඹ ග්‍රෑන්ඩ්පාස්  මුස්ලිම් පල්ලියකට පහරදීමේ සිදුවීම පිළිබදව ජවිපෙ  නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කියා සිටී.

ඔවුන් මෙසේද කියයි.

හුදු එදිනෙදා  පැවැත්ම පිළිබඳව පමණක්  සැළකිලිමත් ආණ්ඩුවක අනුග්‍රහය ඇතිව දිගහැරෙන මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් ආණ්ඩුව විශ්වාස කරන පරිදි ආණ්ඩුවේ බලය ශක්තිමත් කරන්නේද නෑ. ඒ වෙනුවට මෙවැනි සිදුවීම් පාර කපන්නේ රටටත් ජනතාවටත් ව්‍යසනය කැදවන තවත් අධිරාජවාදී මැදිහත්වීම්වලටය.බලපෑම්වලටය. මේ තත්ත්වය තුලදී  ජාති වාදී හා ආගම්වාදී අන්තවායේ  කිසිදු මැදිහත්වීමකට ඉඩ නොදිය යුතු බවත් අන්තවාදී ප්‍රචණ්ඩත්වයට  නිලලත් හා නොලත් අනුග්‍රහය පළ කරන  ආණ්ඩුවේ දේශපාලනය පරාජය කුල යුතු බවත් සිංහල,දෙමළ,මුස්ලීම් සියලු ජනතාවට දැනුම් දෙන බවද පැවසීය.එසේම ග්‍රෑන්ඩ්පාස් සිදු වීමට  වගකිවයුතු සියලු පාර්ශවයන්ට  එරෙහිව නීතීමය ක්‍රියා මාර්ගයන්  ගත යුතු බව ආණ්ඩුවට බල කරන බවද  කීය.