අන්තරේ යූජීසියට පාගමනින් යයි


විශ්ව විද්‍යාලවල පවතින සිසු පුරප්පාඩු වහා සම්පූර්ණ කරන ලෙසත්, පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (25) කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පාගමනින් පැමිණියේය.

පැය දෙක හමාරකට ආසන්න කාලයක් කොමිසම ඉදිරිපිට රැස්වී උද්ඝෝෂණයේ යෙදුණු සිසුහු පසුව අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු සමග සාකච්ඡාවක් පැවැත්වූහ.

ඒ සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් පියවර ගන්නා බවට රාජ්‍ය ඇමැතිවරයා සිසුනට පොරොන්දු වීමෙන් පසු උද්ඝෝෂණය අවසන් කැරිණි.

ugc_201622549 ugc_201622549-2 ugc_201622549-3 ugc_201622549-4 ugc_201622549-5 ugc_201622549-6 ugc_201622549-7