අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ට මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබා දී ඇත්තේ ඔවුන්ගේ ප්‍රචාරක කටයුත්තකට බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියයි.
එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර කියනුයේ රටේ ප්‍රබල චරිතයක් තම රෝහලෙන් ප්‍රතිකාර ගත් බව පවසමින් ප්‍රචාරණ කටයුතු කරගෙන යෑමට සෝභිත හිමියන් නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළුකරගෙන ඇති බවයි.
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ ඥාතියතු හා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගේ මැදිහත්වීම මත සෝභිත හිමියන් එම රෝහලට ඇතුළත් කර ඇතැයි ද වීරසේකර පවසයි.
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී සෝභිත හිමියන් අධීක්ෂණය කළ වෛද්‍යවරුන් කවුරුන්ද යන්න සහ ඒ හිමියන්ට දුන් ප්‍රතිකාර මොනවාද යන්න සෞඛ්‍ය ඇමැති සහ ගැමුණු විජේරත්න මහතා පිළිතුරු දිය යුතු යැයි ද අන්තරය කියයි.
මේ අතර අද මාධ්‍ය හමුවක් පවත්වමින් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා කීවේ සෝභිත හිමියන් තම රෝහලට පැමිණියේ තමාගේ ආරාධනයෙන් බවයි.
වෛද්‍ය ප්‍රනාන්දු මහතා මෙසේ ද කීවේය.
‘මාදුළුවාවේ සෝභිත හිමියන් අප රෝහලට පැමිණ ප්‍රතිකාර ගැනීම සම්බන්ධයෙන් ගැටළු රැසක් ඇති බව සමහරුන් කියනවා. මම වසර තිහක කාලයක පටන් සෝභිත හිමියන් දැන හඳුනනවා. අවස්ථා ගණනාවක දි සෝභිත හිමියන් අප රෝහලට පැමිණ ප‍්‍රතිකාර ගෙන තිබෙනවා. විශේෂයෙන් උන්වහන්සේ පැමිණෙන්නේ උන්වහන්සේගේ කායික වෛද්‍යවරයා සේවය කරන්නේ අප රෝහලේ නිසායි. සෝභිත හිමියන්ට කොළඹ සෙන්ට‍්‍රල් රෝහලේ දී සැත්කම සිදු කර දින කීපයක් එහි ගත කර පන්සල වෙත යාමට සිටියදී මම උන්වහන්සේට ආරාධනා කළා ටික දිනක් අප රෝහලේ සිට විවේක ගන්නට කියා. ඒ අනුව උන්වහන්සේ රෝහලට වැඩම කර නේවාසිකව සිටියා.
අප කළේ සැත්කම සිදුකළ රෝහලේ වෛද්‍යවරුන් නියම කර අකාරයට අවශ්‍ය බෙහෙත් ලබා දීම පමණයි. උන්වහන්සේ අප රෝහලට ඇතුලත් වනවිට බර තිබුණේ කිලෝ ග‍්‍රෑම් හැත්තෑ නවයයි . රෝහලෙන් පිට වනවිටත් බර තිබුණේ කිලෝ ග‍්‍රෑම් හත්තෑනවයි. යම් රෝගි තත්වයක් උන්වහන්සේට සෑදි තිබුණා නම් බර ප‍්‍රමාණය වෙනස් වෙනවා. එවැනි දෙයක් ඇති වුයේ නැහැ. අපට දන්වා තිබු දිනයට උන්වහන්සේගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීමට අප රෝහලේ ගිලන් රථයකින් සැත්කම සිදු කළ රෝහලට රැගෙන ගියා. පසුව එම රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගෙන මේ මස තුන්වැනිදා උන්වහන්සේව සිංගප්පුරුවට රැගෙන ගියා. අප රෝහලේ දි සෝභිත හිමියන්ට කිසිදු ආකාරයට නිවුමෝනියා තත්යක් අති වී තිබුණේ නැහැ. ඒ වාගේම අප රෝහල තුල විෂ බීජයක් ශරීර ගත වීමට හැකියාවක් නැහැ .
මාගේ ආරාධනයෙන් අප රෝහලේ නේවාසිකව සිටි සෝභිත හිමියන්ගෙන් කිසිදු මුදලක් අය කළේ නැහැ. ඇත්තටම මේ කරන්නට යන්නේ සෝභිත හිමියන් ඉස්සරහට දමාගෙන රෝහල් රෝහල් තරගකාරි තත්වය සමග අප රෝහලේ කීර්ති නාමය විනාශ කර දැමීමේ කටයුත්තක් පමණයි.‘‘
සෝභිත හිමියනට ප්‍රතිකාර කළ උන්වහන්සේගේ කායික වෛද්‍යවරයාගේ නම සහ සුදුසුකම් මොනවාදැයි මාධ්‍්‍යෙව්දීන් දිගින් දිගටම එම මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රශ්න කළත් පිළිතුරු නොලැබිණි.
(ඡායාරූප හා වීඩියෝ ජයමාල් චන්ද්‍රසිරි)
(ඡායාරූප එම් හිරිපිටිය)



