අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පාගමනට පාර්ලිමේන්තු වටරවුම අසල දී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.
අන්තරේ ඇතුළු සරසවි ශිෂ්‍ය සංගම් මේ වනවිට විරෝධතා පාගමනින් පාර්ලිමේන්තු පෙදෙසට ගමන් කරමින් සිටී.
පස්වරු 1.00
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස ඉල්ලමින් කැලණි සරසවි සිසුහු දහස් ගණනක් කොළඹ දෙසට ඒම ඇරඹූහ.
මෙම පෙළපාළිය නිසා කැලණිය - කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන ඇති අතර පාරේ එක් මංතීරුවක් ඉබේම වැසී ගොසිණි.


















