පෞද්ගලික විශ්ව විද්‍යාල වසා දමන ලෙසත් අධ්‍යාපනය මුදලට නොවිකුණන ලෙසත් සිසු මර්දනය නවත්වන ලෙසත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පේරාදෙණියෙන් ඇරඹූ විරෝධතා පෙළපාළිය අද පස්වැනි දවස වනවිට කැලණි සිසුන්ද සමග කොළඹ බලා පිටත්වූ බව එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර කියයි.
ඔහු පැවසූයේ තම ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුව සමීපයටද යන බවයි. මෙම පෙළපාළිය සම්බන්ධයෙන්ද පොලිසිය කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියෙන් තහනම් නියෝගයක් ගෙන ඇති බව දැනගන්නට ඇතැයි අන්තරේ කැඳවුම්කරු පවසයි.
අධිආරක්ෂිත කලාපයක් වන පාර්ලිමේන්තු පාරේ පෙළපාළි හා උද්ඝෝෂණ මීට පෙර උසාවිය විසින් තහනම් කෙරිණි. පසුගියදා පැවැති උද්ඝෝෂණ පෙළපාළියක්ද තහනම් කළ නමුත් සිසුන් හය දෙනකුට රනිල් වික්‍රමසිංහ අගමැති සිය කාර්යාලයේදී හමුවීමටද ඉඩ සලසා දෙනු ලැබීය.










