අන්තරේ නව කැඳවුම්කරු ලහිරු


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස  රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු වීරසේකර පත්වී සිටී.

කැලණිය විශ්ව විද්‍යාලයේ දී සෙනසුරාදා(12) පැවති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වාර්ෂික සැසියේ දී සියලූ විශ්ව විද්‍යාලවල එක`ගත්වයෙන් මෙම පත්වීම සිදුව ඇත.

මෙහි හිටපු කැ`දවුම්කරු නජිත් ඉන්දික මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර එයින් ඇති වූ පුරප්පාඩුව වෙනුවෙන් මෙම පත්වීම සිදුකර තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙක් වන නජිත් ඉන්දික වසර දෙකකට ආසන්න කාලයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැ`දවුම්කරු ලෙස  කටයුතු කළේය.