අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට


පේරාදෙණිය සරසවියට බලයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරිනට පහර දුන්නැයි සැකපිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර, සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති හා තවත් ශිෂ්‍ය නායකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පේරාදෙණිය සරසවියට බලයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම හා තර්ජනය කිරීම මත ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.