අන්තරේ කැදවුම්කරු යළි රිමාන්ඩ්


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර ලබන 26 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස  ගංගොඩවිල මහෙස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.

 ඔහු උද්ඝෝෂණ කරමින් රජයේ දේපළ වලට හානි කළැයි පොලීසිය අධිකරණයට දැන්වීය.

ඔහු ජයවර්ධනපුර සරසවි උද්ඝෝෂණයට පිටින් සෙනග රැගෙන ආ බවටද,  රුහුණ විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍යයකු නොවන බවටද ලියුම් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කැරිණි