අන්තර්ජාලයේ හොර ෆේස්බුක් ගිණුම් වැහි වැහලා


අන්තර්ජාලය පරිහරණය කිරීමේදී ඇතිවන ගැටළු සම්බන්ධ සිදුවීම් දෙසීයක් පමණ අගෝස්තු මාසයේදී ලැබී තිබෙන බව ශ්‍රී ලංකා  පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.

මේ අතුරින් සියයට අසූවක්ම සිදුවීම් ව්‍යාජ ලෙස සකස් කළ ෆේස්බුක් ගිණුම් හා සම්බන්ධව වාර්තා වී ඇති බවත් චන්ද්‍රගුප්ත මහතා කීයයි

තම ඡායාරූප හා පෞද්ගලික තොරතුරු හිතමිතුරන් කිහිපදෙනකු අතරේ පමණක් බෙදාහදා ගැනීමෙන් වැළකී පිටස්තරයන් අතට පත්වන ආකාරයට ගිණුම සකසා තිබීම වඩාත් ෆේස්බුක් ගිණුම් ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇති බවත් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කරයි.

ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා අන්තර්ජාල සිදුවීම් එක්දහස් හයසියයක් වාර්තා වී ඇත.