අන්තර්ජාලයේ නොමරා මරන ප්‍රින්ස්


කලක සිට රෝගාතුරව සිටි ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා අභාවප්‍රාප්ත වූයේයැයි අන්තර්ජාලය පුරා පැතිර යන ප්‍රචාරය නිසාවෙන් අපි ඔහුගේ නිවෙසට කතා කර ඒ පිළිබඳව විමසා සිටියෙමු.

එහිදී ඥාතියෙකු ප්‍රකාශ කර සිටියේ, ඔහුට මේ වනවිට ගාල්ලේ ඇල්පිටියේ නිවසේ රැඳී සිටිනවා කවුරුන් හෝ අන්තර්ජාලයේ දැමූ වැරදි ප්‍රචාරයක් නිසා බොහෝ දෙනා අපෙන් විමසා සිටියා. නමුත් ඔහු මේ වන විට අසනීප තත්ත්වයෙනුයි සිටින්නේ ඉදිරියේදී නවලෝක රෝහලට හෝ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

සටහන ඉඳුනිල් සින්දු