අන්තර්ජාලයට බෙහෙත් දෙන්න යයි


අන්තර්ජාලය භාවිතය පිළිබඳව සමාජය දැනුම්වත් කිරීම සඳහා රාජ්‍ය ආයතන කිහිපයක් සමඟ එක්ව නව වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා කියයි.

ගැටළු සඳහා විසඳුම්, පරිගණක අපරාධ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දීම ඇතුළු සේවාවන් රැසක් සැපයීමට නියමිත බවත් ඔහු කියයි.

ළමා හා කාන්තා කාර්යංශය, ළමා රක්ෂණ අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය, සංස්කෘතික අමාත්‍යංශය සහ රහස් පොලිසිය ද මේ ආයතන අතර වේ.