අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් 235 ක් අත්අඩංගුවට


අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් 235 දෙනෙකු කාම්බෝජියාවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 
 
අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවන් 36 දෙනෙකු සිටින බව වාර්තා වෙයි.
 
කාම්බෝජියාවේ අගනගරය වන පොනොම් පෙනා හි දකුණු ප්‍රදේශයේ ගම්මාන තුනකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
 
විදේශ රටවල සිට චීන කණ්ඩායම් මෙවැනි අන්තර්ජාල වංචාවල නිරත වීමේ සිදුවීම් බහුලව වාර්තා වෙති. 
 
අග්නිදිග ආසියාව, කෙන්යාව හා ස්පාඤ්ඤයේ ආදී රටවලින් ද මෙවැනි සිදුවීම් වාර්තා වේ.
 
 
(63226 )