අන්තර්ජාතික ශතක 100 යි


ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව මීර්පූර්හි ශියා බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේදී ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ශතකයක් (100) රැස්කරමින් අන්තර්ජාතික ක‍්‍රිකට් තරගවලදී ශතක 100 ක් රැස්කළ පළමු ක‍්‍රීඩකයා ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුටීමට සමත් විය. ලෝක ටෙස්ට් සහ එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වන දකුණත් පිතිකරු තෙන්ඩුල්කාර් මේ වන විට ටෙස්ට් ශතක 51 ක් සහ එක්දින ශතක 49 ක් රැස්කර තිබේ. හිටපු ඉන්දීය නායක 38 හැවිරිදි තෙන්ඩුල්කාර් මේ වන විට ටෙස්ට් තරග 188 කදී ශතක 51 ක් සහ අර්ධ ශතක 65 ක් සමගින් ලකුණු 15,470 ක් රැස්කර ඇති අතර එහි සාමාන්‍ය 55.44 කි. එක්දින තරග 462 කට සහභාගි වී ඇති තෙන්ඩුල්කාර් ශතක 49 ක් සහ අර්ධ ශතක 95 ක් සමගින් ලකුණු 18,346 ක් රැස් කිරීමට සමත්ව සිටියි. පාකිස්තානයට එරෙහිව 1989 වසරේ දෙසැම්බර් 18 වැනිදා එක්දින වරම් ලැබූ තෙන්ඩුල්කාර් ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ද්විත්ව ශතකයක් (නොදැවී 200) රැස්කළ පළමු ක‍්‍රීඩකයා ද වේ.