අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් තරග අද සිට
අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ රෝද පුටු ටෙනිස් තරගාවලි තුනක් අද (19 වැනිදා) සිට 29 වැනිදා දක්වා මීගමුව සහ කොළඹදී පැවැත්වේ.
ඩොලර් 10,000 ක (රුපියල් ලක්‍ෂ 13 කට ආසන්න) ත්‍යාග මුදලක් පිරිනැමෙන ‘ශ්‍රී ලංකා විවෘත’ රෝදපුටු ටෙනිස් තරගාවලියට අන්තර්ජාතික ටෙනිස් සම්මේලන රෝදපුටු (ක‍්‍රීඩක) ශ්‍රේණිගත කිරීමේ 18 වැනි ස්ථානයේ සිටින ජපානයේ යොෂිනොබි ෆොජිමොටෝ ද සහභාගිවීමට නියමිතය.
පළමු තරගාවලිය මේ මස 19 වැනිදා සිට 21 වැනිදා දක්වා මීගමුව ටෙනිස් ක‍්‍රීඩා සමාජයීය ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. එහිදී පිරිනැමෙන ත්‍යාග මුදල ඩොලර් 2000 කි.

