අන්තර්ජාතික රග්බි සභාව මෙහෙයවන ‘අයි. ආර්. බී. සුපර් වීක්’ රග්බි පුහුණුකරු සහ තරග නිලධාරී පුහුණු වැඩසටහන ඊයේ (17) කොළඹ හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජයේදී ආරම්භ විය. මේ මස 22 වැනිදා අවසන් වන මෙම වැඩසටහන මෙහෙයවීම සඳහා අන්තර්ජාතික රග්බි සභාවේ පුහුණු නිලධාරීන් තිදෙනකු ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.
මෙම වැඩසටහනට අයි. ආර්. බී. පළමු සහ දෙවැනි ශ්‍රේණියේ පුහුණුකරු සහ තරග නිලධාරී පාඨමාලා ද, රග්බි ක‍්‍රීඩාවේ නිලධාරියකු ලෙස කටයුතු කිරීමේ පළමු පාඨමාලාව ද, මෙම වැඩසටහනට ඇතුළත් වේ.
අන්තර්ජාතික රග්බි සභාවේ ශ්‍රී ලංකා පුහුණු නිලධාරීන් වන ඩිල්රෝයි ප‍්‍රනාන්දු, ශ්‍රී ලංකා රග්බි ජාතික සංවර්ධන පුහුණුකරු සනත් මාටිස්, අනිල් ජයසිංහ, නිහාල් ගුණරත්න සහ ආනන්ද කස්ට්‍රො යන මහත්වරු ද මෙහිදී උපදේශකයන් ලෙස කටයුතු කරති.