අන්තර්ජාතික පිහිනුම් සම්මේලනයත් ආම්ස්ට්‍රෝංට හරස් වෙයි


එක්සත් ජනපද දකුණු කලාපීය පිහිනුම් තරගාවලියක් සඳහා ඉදිරිපත් වූ සුප‍්‍රකට පාපැදි ශූර ලාන්ස් ආම්ස්ට්‍රෝං විසින් ඉදිරිපත් කරන ලද අයදුම් පත‍්‍රය අන්තර්ජාතික පිහිනුම් සම්මේලනයේ විරෝධතාවකට පසු ඉවත් කර ගෙන තිබේ.

එක්සත් ජනපද මත් ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය විසින් ලාන්ස් ආම්ස්ට්‍රෝන් හට පනවා ඇති ජීවිතාන්තය දක්වා වන තරග තහනම හේතුවෙන් අන්තර්ජාතික පිහිනුම් සම්මේලනය මෙම විරෝධතාව දක්වා ඇත.

මෙම සති අන්තයේ ටෙක්සාසාස් හීදි පැවැත්වීමට තිබූ මෙම තරගාවලියේ දී ලාන්ස් ආම්ස්ට්රෝං නිදහස් ආර ඉසව්වෙන් යාර 500, යාර 1000 සහ යාර 1650 යන ඉසව් වලට තරග කිරීමට නියමිත සිටියේය.

ලාන්ස් ආම්ස්ට්‍රෝංට එල්ල වූ හැකියා වර්ධක ෙඖෂධ භාවිතා කිරීමේ චෝදනා නිසා ඔහුගේ ප‍්‍රංශ සවාරියේ ශූරතා 7 ම තහනම් කරන ලදී. කෙසේ නමුත් ඔහුට විරුද්ධව එල්ල වූ චෝදනා වලට ඔහු ප‍්‍රතිචාර නො දැක්වූ අතර, පසුගිය ජනවාරියේ දී සුප‍්‍රසිද්ධ නිවේදිකා ඔප‍්‍රරා වින්ප‍්‍රි  සමග පැවැත්වූ රූපවාහිනි වැඩසටහනක දී 1999 සිට 2005 දක්වා ඔහු සහභාගී වූ සියලූ ම ප‍්‍රංශ සවාරිවල දී හැකියා වර්ධක ඔෘෂධ භාවිතා කළ බවට ආම්ස්ට්‍රෝං පිළි ගත්තේ ය.