දකුණු ආසියාවේ පැවැත්වෙන ප‍්‍රථම අන්තර් ජාතික පාපැදි තරගාවලිය අප‍්‍රියෙල් මස 5,6,7 යන දින වල ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
ශී‍්‍ර ලංකාවේ පාපැදි කී‍්‍රඩාව ප‍්‍රාදේශීය මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම දක්වා රැගෙන යාමත් ශී‍්‍ර ලාංකික කී‍්‍රිඩික කී‍්‍රඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමත් අරමුණු කරගෙන පැවැත්වෙන මෙම තරගාවලිය ජාත්‍යන්තර පාපැදි සම්මේලනයේ මූලිකත්වය ඇතිව ශී‍්‍ර ලංකා පාපැදි අතුරු කමිටුව විසින් සංවිධානය කරනු ලබයි.
පසුගිය වසර තුලදී ජාතික මට්ටමේ පාපැදි තරග 12 කට සහභාගී වීමට ශී‍්‍ර ලංකා පාපැදි කී‍්‍රඩකයින්ට අවස්ථාව උදා වූ අතර ප‍්‍රධාන පෙළේ ජ්‍යාත්‍යන්තර තරග 2 කදී ශී‍්‍ර ලංකාව නියෝජනය කිරීමටද කී‍්‍රඩකයින් 6 දෙනෙකුට අවස්ථාව ලැබිණ.
කී‍්‍රඩකයින් 70 කට අධික පිරිසක් සහභාගී වූ පසුගිය වසරේ ඉන්දියාවේ පැවති ‘ටුවර් ඩි ඉන්දියා’ හෙවත් ඉන්දීය පාපැදි සවාරියේදී ආසියාවේ ඉදිරියෙන්ම සිටින පාපැදි කරුවන් ලෙස හැදින්විය හැකි ඉන්දීය කී‍්‍රඩකයින්ට කරට කර තරගයක් දෙමින් 06 වැනි, 09 වැනි, 11 වැනි සහ 13 වැනි ස්ථාන දිනා ගැනීමට ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයියෝ සමත් වූහ.

