සදාචාරාත්මක කටයුතු සම්බන්ධයෙන් කරනු ලබන පරීක්‍ෂණ අවසන් වන තුරු ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයකු මෙන්ම පාපන්දු සම්මේලන කළමණාකරණ මණ්ඩලයේ (මේ වන විට අහෝසි කර දමනු ලැබ ඇත) හිටපු සභාපතිවරයාද වන මනිලාල් ප‍්‍රනාන්දු මහතාට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය විසින් දින 90ක තහනමක් පනවා ඇත.
මෙම තහනම අනුව මනිලාල් ප‍්‍රනාන්දු මහතාට පාපන්දු සම්බන්ධ කිසිදු කටයුත්තකට සහභාගි විය නොහැකිය.
අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ ආචාර ධර්ම පිළිබද පරීක්‍ෂණ කමිටුවේ සභාපති මයිකල් ගාශියා සහ විනිශ්චය කමිටු සභාපති හෑන්ස් ජොකිම් යන අයගේ නිර්දේශ මත මෙම තහනම පනවා ඇත.
මෙම තාවකාලික තහනම, 2012 ආරම්භ කරන ලද සෝදිසි කි‍්‍රයාවලියේම ප‍්‍රතිඵලයක් බව අන්තර් ජාතික පාපන්දු සම්මේලනය සදහන් කරයි.
2015 දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය සම්බන්ධයෙන් පැවැති ආසියානු පාපන්දු සමුළුවේ කමිටු රැුස්වීමට සහභාගි වීමෙන් අනතුරුව ඔහුට මෙම තහනම පනවන ලදි.
63 හැවිරිදි මනිලාල් ප‍්‍රනාන්දු මහතා වසර 2011 ජනවාරි මාසයේ සිටම අන්තර්ජාතික පාපන්දු සම්මේලන විධායක කමිටුවේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන අතර ශි‍්‍ර ලංකා ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයකු ලෙසද කටයුතු කරයි.
ඔහුට විරුද්ධව එල්ල වී ඇති ප‍්‍රධාන චෝදනා වන්නේ ඔහු සහ ආසියානු පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මොහොමඞ් බින් හමාම් මහතා සමග ඇති සමීප සම්බන්ධතාවයි.
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ පසුගිය නිලවරණයට පෙර කැරීබියානු රටවල පාපන්දු නියෝජිතයන්ට අල්ලස් දුන්නේ යයි මොහොමඞ් බින් හමාම් මහතාට චෝදනා එල්ල වී තිබේ.