අන්තර් සංගම් දැල් පන්දු ශූරතාවලිය වසර ගණනකට පසු පැවැත්වීමට ශ්‍රී ලංක දැල් පන්දු සංගමය තීරණය කර තිබේ. ඒ අනුව තරගාවලිය ලබන සෙනසුරාදා හා ඉරිදා (1.2) කුරුණෑගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
දැල්පන්දු සංගමයේ අනුබද්ධිත දිස්ති‍්‍රක් සංගම් 35කින් 27ක් මෙම තරාවලියට සහභාගි වන බව දැල් පන්දු සංගමයේ උප සභාපතිනි යමුණා සඳමාලි මහත්මිය පැවසුවාය. මහජන බැංකුව තරගාවලියට අනුග‍්‍රහය දක්වයි.
‘ඒ’, ‘බී’, ‘සී’ හා ‘ඞී’ යන කාණ්ඩ හතරකින් තරගාවලියේ මූලික (ලීග්) වටය පැවැත්වීමෙන් පසු පිළිමළුන් පිටු දැකීමේ ක‍්‍රමයට පැවැත්වෙන අවසන් මහා තරගයට කණ්ඩායම් තෝරා ගැනේ. කාන්තා අවසන් මහා තරගය ඉරිදා පෙරවරු 3.30 ටත් මිශ‍්‍ර අවසාන මහා තරගය පස්වරු 2.30 ටත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තරගාවලියේ සමාරම්භක උත්සවය කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෙනසුරාදා පෙරවරු 8.30ට පැවැත්වේ.
තරගාවලියේ දක්‍ෂතා දක්වන කී‍්‍රඩිකාවන් ජාතික දැල්පන්දු සංචිතයට තෝරා ගන්නා බව දැල්පන්දු සංගමය පවසයි. දිස්ති‍්‍රක් සංගමයකට අයත් කී‍්‍රඩා සමාජයකින් උපරිම කී‍්‍රඩිකාවන් තිදෙනෙකු වන පරිදි ඒකාබද්ධ කණ්ඩායම් තරගාවලියට සහභාගි වෙති.
වසර හතකට පෙර පැවති තරගාවලියේ ශූරතාව රාජ්‍ය සේවා කණ්ඩායම විසින් දිනාගන්නා ලදි.