අන්තර් විශ්ව විද්‍යාල දැල්පන්දු ශූරතාව කොළඹ සරසවියට


ජාතික තරුණ සේවා සභාවේ දැල්පන්දු කී‍්‍රඩාංගණයේදී පැවති අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේ දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ විශ්ව විද්‍යාල කී‍්‍රඩිකාවෝ සමත්වූහ. අවසන් මහ තරගයේදී ලකුණු 41-31 ක් ලෙස සබරගමුව විශ්ව විද්‍යාල පිල පරාජය කරමින් කොළඹ විශ්ව විද්‍යාල කී‍්‍රඩිකාවෝ මෙම ජයග‍්‍රහණයට හිමිකම් කීහ.

අර්ධ අවසන් වටයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පිල පරාජය කරමින් කොළඹ විශ්ව විද්‍යාල පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර සබරගමුව විශ්ව විද්‍යාල පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාල පිල පරාජය කරමිනි.

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පිල ලකුණු 39-26 ලෙස පරාජය කළ පේරාදෙණිය විශ්ව විද්‍යාල පිල තෙවැනි ස්ථානය සඳහා වූ තරගය ජය ගත්තේය.

ඒ. ඒ. සඳුනිකා, ඒ. කේ. පේ‍්‍රමරත්න, ඒ. එම්. අබේසිංහ, ඞී. පී. වික‍්‍රමගේ, ඞී. එස්. විතාරණ, එච්. ඒ. හේරත්මැණකේ, එම්. එස්. ප‍්‍රනාන්දු, ආර්. පී. රාජපක්ෂ, එස්. එම්. සේරසිංහ, එස්. පී. ලියනගමගේ, ටී. එච්. චලොන්ගා, ඩබ්. එන්. ද සිල්වා යන කී‍්‍රඩිකාවෝ ශූරතාව දිනූ කොළඹ විශ්ව විද්‍යාල පිල නියෝජනය කළහ.

(*)