අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙල ලබන මස 2 වැනිදා සිට 12 වැනිදා දක්වා දින 11 ක් පුරා ගෘහස්ත සහ එළිමහන් කී‍්‍රඩාංගණ 14 කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙවර තරගාවලියට කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැළණිය, මොරටුව, රුහුණු, යාපනය, වයඹ, රජරට, සබරගමුව, නැගෙණහිර, අග්නිදිග, සෞන්දර්ය සහ ඌව වෙල්ලස්ස යන විශ්ව විද්‍යාල 14 නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 5200 ක් පමණ සහභාගී වීමට නියමිතය.
ටෙනිස්, පැසිපන්දු, බැඞ්මින්ටන්, වොලිබෝල්, පිහිනුම්, කරාටේ, හොකී. කැරම්, එල්ලේ, මේස පන්දු, චෙස්, ටයිකොන්ඩෝ සහ මලල කී‍්‍රඩා යන තරග ඉසව් කාන්තා පිරිමි දෙඅංශයෙන්ම පැවැත්වෙන අතර කි‍්‍රකට්, රගර්, පාපන්දු, මාර්ග ධාවන තරග, බර ඉසිලීම, බේස් බෝල් සහ මල්ලව පොර තරග ඉසව් පිරිමි අංශයටද, දැල්පන්දු තරග කාන්තා අංශයටද වෙන් වෙන්ව පැවැත්වේ.
මෙවර තරගාවලියේ සත්කාරකත්වය හිමිවී තිබෙන්නේ මොරටුව විශ්ව විද්‍යාලයටයි. මින් පෙර 1995 වසරේදීද ඔවුන් මෙම තරගාවලියේ සත්කාරකත්වය දරා තිබෙන අතර ඔවුන් මෙම කී‍්‍රඩා උළෙලෙ සත්කාරකත්වය දරන්නේ දෙවැනි වරටයි.
තරගාවලියේ සමාරම්භක උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මොරටුව විශ්ව විද්‍යාල කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර සමාප්ති උළෙල උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සැළසුම් කර තිබේ.
තරගාවලියේ නිළ ඇදුම් සඳහා අනුග‍්‍රාහකත්වය ලබාදෙන්නේ මාස් ඇක්ටිව් සමූහ ව්‍යාපාරය වෙතිනි.
ඡයාරූපය: ශානුක අරවින්ද
මාස් ඇක්ටිව් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපාර අධ්‍යක්ෂක මොහොමඞ් ආබ්දීන් මහතා විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති ජයවර්ධන මහතාට නිළ ඇදුම ප‍්‍රදානය කරන අයුරු.......