අන්තර් බැංකු දැල්පන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට හැටන් නැෂනල් ‘ඒ’ කණ්ඩායම සමත්විය. අවසන් මහ තරගයේදී ලකුණු 57 - 19 ලෙස නේෂන්ස් ට‍්‍රස්ට් කණ්ඩායම පරාජය කරමින් ඔවුන් මෙම ජයග‍්‍රහණයට හිමිකම් කීවේය
අවසන් පූර්ව තරග වලදී කොමර්ෂල් බැංකු කණ්ඩායම ලකුණු 27 - 06 ලෙස පරාජය කරමින් හැටන් නැෂනල් ‘ඒ’ කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර නේෂන්ස් ට‍්‍රස්ට් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ හැටන් නැෂනල් ‘බී’ කණ්ඩායම ලකුණු 17 - 04 ක් ලෙස පරාජය කරමිනි.
තරගාවලියේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන දිනාගැනීමට පිළිවෙළින් හැටන් නැෂනල් ‘බී’ කණ්ඩායම සහ කොමර්ෂල් බැංකු කණ්ඩායම් සමත්වූහ.
කොළඹ ශාන්ත ජෝශප් විදුහල් ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවති මෙම තරගාවලිය සඳහා හැටන් නැෂනල් බැංකුව, නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, හොං කොං බැංකුව, ලංකා බැංකුව, ඞී. එෆ්. සී. සී. වර්ධන බැංකුව, එන්. ඞී. බැංකුව, ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුව, කාගිල්ස් බැංකුව වැනි බැංකු නියෝජනය කරමින් ප‍්‍රබල දැල් පන්දු කණ්ඩායම් සහභාගීවූහ.
තරගාවලියේ ආරධිත අමුත්තන් ලෙස කී‍්‍රඩා අධ්‍යක්ෂක ජෙනරාල් රන්ජනී ජයකොඩි මහත්මිය සහ ශී‍්‍ර ලංකා දැල්පන්දු සංගමයේ සභාපතිනිය වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය ත්‍යාග ප‍්‍රදානෝත්සවයට පැමිණ සිටියහ.
(*)