අන්තර් ජාලයෙන් වන සතුන් විකුනති


අන්තර්ජාලයෙන් වන සතුන් විකුණන බව කියන පුද්ගලයෙකු කිරුළ පනදී අත්අඩංගුවට ගත් බව වන ජීවී නිලධරයෝ කියති.

ඔහු අද ගංගොඩවිල උසාවියට ඉදිරපත් කළේය.

නයි පැටවෙකු, බෝදිලිමෙකු, පිඹුරෙකු ඇතුළු ආරක්ෂිත සතුන් විකුනන බව අන්තර්ජාලයේ දැන්වීම් පල කර ඇත.

නයි පැටවෙකු රුපියල් දස දහසකටත්, බෝදිලිමෙකු රුපියල් දාහත්දහසකටත් විකුනන බව සදහන් වෙයි.