වසර ගණනාවක් තිස්සේ තරග නොපැවැත්වූ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ නැවතත් කි‍්‍රකට් තරග පැවැත්වීම සම්න්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නියෝජිතයෝ පිරිසක් ඉකුත්දා ඉනාමළුවේ ශ්‍රී සුමංගල මල්වතු මහ විහාරයේ රංගිරි දඹුල්ල පාර්ශ්වයේ මහ නායක හිමියන් හමුවූහ.
මාතලේ කි‍්‍රකට් සංගමයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග, භාණ්ඩාගාරික නුස්කි මොහොමඞ් යන මහත්වරුන් සහ මාතලේ කි‍්‍රකට් සංගමයේ සභාපති, ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාද ඇතුළු නියෝජිත පිරිසක් මෙම සාකච්ඡුාවට සහභාගි වූහ.
දඹුල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණය නිරීක්‍ෂණය කිරීමෙන් පසුව නියෝජිත පිරිස ශ්‍රී සුමංගල මහ නාහිමියන් සමඟ සාකච්ඡුා කළ අතර එහිදී නිශාන්ත රණතුංග මහතා පැවසුවේ පසුගිය කාලයේ පැවති මූල්‍ය අර්බුදය නිසා කී‍්‍රඩාංගණයට විදුලිය ලබා ගැනීමේ අපහසුතා ඇති වූ බවයි. නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායක මහතා කියා සිටියේ රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණය නොමැතිව මෙරට කි‍්‍රකට් කී‍්‍රඩාවේ පැවැත්මක් ගැන සිතිය නොහැකි බවයි.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ඉනාමළුවේ සුමංගල මහා නාහිමියන් පැවසුවේ කී‍්‍රඩාංගණය ප‍්‍රයෝජනයට නොගැනීම සම්බන්ධයෙන් තමන්ට ප‍්‍රශ්නයක් පැන නැගී තිබෙන බවයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර කී‍්‍රකට් තරග රංගිරිදඹුල්ල කී‍්‍රඩාංගණයේ නැවතත් පැවැත්වීමේ හැකියාව පිළිබඳව වැඩිදුරටත් සොයා බලන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා නාහිමියන්ට පැවසීය.