(ඉන්දිකා රාමනායක)
යාපනය, ඩෙල්ෆ්ට් දුපතට වයඹ දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසරයෙන් ඇතුළු වී ඇතුළුවී ධීවර කටයුතු වල නිරත වෙමින් සිටි ඉන්දීය ධීවරයන් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
ඔවුන් රැඳී සිටි ධීවර යාත්‍රා හතරක් ද හතරක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරන ඉන්දීය ධීවරයින් පලවා හැරීමේ මෙහෙයුමක නිරත නාවික හමුදා සාමාජිකයන් විසින් ඊයේ( 21) රාත්‍රියේ මෙම පිරිස් අත්අඩංගුවට ගෙන ඇත

