අනවසර විදුලි රැහැනේ පැටලී මරුට


(ඩී.ජී.සුගතපාල සහ ජේ ඉඳුරුවගේ)

කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ  වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි   මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ පැලැගස්පළාත පදිංචිව සිටි වැඩුම්කුලිගේ තරිඳු රුසිත් නමැති 28හැවිරිදි පුද්ගලයෙකි.

ඔහුගේ නිවස අසල වගාවන් ආරක්ෂා කර ගැනිම සඳහා අනවසරයෙන් ඇදතිබු විදුලි රැහැනක පැටලි සිටියදි ප්‍රෙද්ශවාසියෙකු දැක පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇත .ඒ අනුව පොලිස් නිලධාරින් පැමින පරික්ෂා කිරිමේදි තහවුරුවි ඇත්තේ ඔහු මියගොස් ඇති බවය.