මාලබේ පොතුආරාවේ ඉදි කළ අනවසර තාප්පයක් කඩා වැටී යාබද නිවසේ දෙදෙනකු මිය යෑම සම්බන්ධයෙන් දොස්තරවරයකු බව කියාගත් නාලක සුදර්ශන ගුණරත්න රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.
විෂමාචාර ක්‍රියාවක් හේතුවෙන් ඔහු 2008 දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉවත් කළ වෛද්‍යවරයෙකියි පැමිණිල්ලේ නීතීඥවරු අධිකරණයට සැල කළහ.
ඔහු පොලිසියත්, උසාවියත් නොමඟ යවා ඇතැයි ද ඔවුහු කීහ.
තාප්පය ඉදි කළ බව කියන කොන්ත්‍රාත්කරු ද අද පොලිසියට භාර විය.
තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බව පොලිසිය කීවේය.

