අනඳ පැටව් අවුරුදු හුරුවක් ලබති


කොළඹ ආනන්ද විද්‍යාලයීය ප්‍රාථමික අංශය සංවිධානය කළ ‘සිඟිති බක්මහ උ‍ළෙල‘ එම විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී අද (4) පැවැත්විණ.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදු කෙරෙන සියලුම සිරිත් විරිත් එහිදී දැකගත හැකි විය.

ප්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍යය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් විය.

විදුහල්පති ප්‍රභූ කර්නල් එල් එම් ඩී ධර්මසේන මහතාගේ මඟපෙන්වීම යටතේ ප්‍රාථමික අංශ ප්‍රධානී සීතා කුලතුංග මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය හා දෙමව්පියන් එක්ව මෙම අවුරුදු උළෙල සංවිධානය කළහ.

නැකතට කිරි ඉතිරවීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම ඇතුළු සියලු චාරිත්‍රවාරිත්‍ර මෙහිදී සිදු කැරිණි.

දරුවාට කුඩා කළ සිටම ‘අපේ කම‘ කියා දීම හා ඔහු සමාජයට වැඩදායි මිනිසකු කිරී‍ම මෙහි අරමුණ බව විදුහල්පති ධර්මසේන මහතා කියයි.