අනතුරින් පසු රියැදුරා මඟ දමා ගිහින්


කුලී රියකින් හික්කඩුවේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් කොලඹ බලා එමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෝ දෙදෙනෙක් රියැදුරා අතරමග දමා වාහනය රැගෙන ගියහ.

කොට්ටාව පිවිසුමට ඔවුන් පවසා ඇත්තේ රියැදුරා අතින් වාහනය අනතුරකට ලක් වූ බවයි.

වාහනයේ පිටුපස ද කුඩුපට්ටම් වී තිබිණි.තමා මග දමා ගිය බව රියැදුරා කුරුදුගහහැතැක්ම පිවිසුමට පැමිණිලි කළේය. 

අද අලුයම පහයි පහළොවට වූ මේ සිද්ධිය වාර්තා කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදීයාට පොලීසිය නොයෙක් බධා කළේය.

ඒ බව ඔහු බස්නාහිර දකුණු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාට පැමිණිලි කළේය.