තලංගම පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පැදවු බව කියන වෑන් රියේ ත්‍රිරෝද රියක් හැපීමෙන් රුපියල් එක්ලක්ෂ විසි පන්දහසක අලාභයක් සිදු වී යැයි කියමින් ත්‍රිරෝද රියදුරා පොලීසියට රැගෙන ගොස් බලෙන් හිස් කොළ පහකට අත්සන් කැර ගෙන ඇතැයි කියන සිද්ධියක් ගැන නුගේගොඩ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි කැර ඇත.
මාදිවෙල හන්දියේදී සිදු වු මෙම අනතුරින් පසු රියදුරාගෙන් රුපියල් විසිඑක් දාහක් එවෙලේම ලබා ගත් බවත් පසුදින විසි නව දාහක්ද ඉතිරිය සතියකින් ද ගෙවන බවට රියැදුරාගේ හා තවත් තිදෙනකුගෙන් අත්සන් ගෙන ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
රියැදුරාගෙන් අලාභය ලබාගෙන රක්ෂණ වන්දි ලබා ගැනීමට ද සුදානමක් තිබු බව ද එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

