(ජයවර්ධන දිසානායක සහ සමන් කේ. ගමගේ )
මරදන්කඩවල පොලිස් බල ප්‍රදේශයේ ඒ නවය මාර්ගයේ 101 කිලෝමීටර් කණුව ආසන්නයේ දී හවස සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ පියා මියගොස් මව සහ දියණිය තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මරදන්කඩවල පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මිදිවත්ත, යොවුන් ගම්මානයේ පදිංචි දෙදරු පියෙකු වන හතලිස් දෙහැවිරිදි පී.ඩබ්. බංඩාර නැමති අයෙකි.
අවුරුදු නෑගම් ගොස් නැවත තම නිවස වෙත යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදියට පිටු පසින් පැමිණි ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් යතුරු පැදියේ ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුවී ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසූ මියගොස් ඇති අතර පසුපැදිකාරියන් වූ මිය ගිය අයගේ බිරිඳ හා දියණිය බරපතළ තුවාල ලබා සිටීම නිසා වැඩි දුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා ඇත. කාන්තාවගේ තත්වය බරබතල බව රෝහල් ආරංචි මාර්ග කීය.
මෝටර් රථයේ රියැදුරු ආරක්ෂක අංශයේ සේවයේ නියුතු වූවකු වන අතර මෝටර් රථය සමඟ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අධික වේගය හා බීමත් ලෙස රිය ධාවනය අනතුරට හේතූ වී ඇතැයි මූලික පරීක්ෂණවල දී අනාවරණය වූ බව ද පොලිසිය කීය. සැකකාර රියැදුරු අද (17) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ .
මරදන්කඩවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුසංඛ දිසානායක මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

