ශාන්ත ලාසරස් මුනිඳුන්ගේ ප්‍රතිමාව රැගෙන බේරුවල සිට කළුතර බලා ගමන්ගත් පෙරහැරකට එක්ව අනතුරට ලක් වූ බහුදින යාත්‍රාවේ ධීවර බලපත්‍රය අවලංගු කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.
එම අනතුර සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන්නැයි අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ධීවර කටයුතුවලට යොදාගන්නා ධීවර යාත්‍රාවලින් මඟීන් ගෙන යෑම බරපතළ වරදක් බව ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත. ජලජ සම්පත් අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ නොසලකමින් කටයුතු කරන පිරිස්වලට එරෙහිව ඉදිරියේදී දැඩි පියවර ගන්නැයි ද අමාත්‍යවරයා නිලධාරීන්ට තවදුරටත් උපදෙස් දී තිබේ.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (20) පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

