රජරට රැජිණ දුම්රියේ රියදුරු එම්.ඩී.ඒ.කුමාරසිරි මහතාගේ දක්ෂකම හේතුවෙන් අනතුර වළක්වාගත් බව මගීහු කියති. දුම්රිය ගේට්ටුකරු ටියුඩර් සිල්වා රතු කොඩියක් වනමින් දුම්රිය පාරෙන් දිවීමත් අසල පිහිටි පියදිගම ගුවන් පාලමේ සිටි මගීන්ගේ කෑ කෝ ගැසීමත් නිසා අනතුරක සංඥාවක් ඇති බව රියදුරු කුමාරසිරි මහතාට දැනගැනීමට හැකි විය.
මගීන් පැවසූයේ මාතර දුම්රියේ රියදුරා දුම්රිය නවත්වා ගන්නා විට දුම්රිය දෙක අතර පරතරය අඩියකට දෙකකට වඩා නොවැඩිවූ බවයි. දැඩි කම්පනයකට ලක්ව සිටි කුමාරසිරි මහතා දුම්රිය මගීන් විසින්ම රෝහල් ගත කරනු ලැබීය. කොළඹ සිට ගිය දුම්රිය ඉන් මද වේලාවකට පෙර ගිංතොට දුම්රිය පොළ දක්වා පස්සට ගනු ලැබීය.
ගාල්ලේ දුම්රිය ආරක්ෂක නිලධරයෝ ද එහි පැමිණ පරීක්ෂණ ඇරඹූහ.
ජායාරූප - ක්‍රිෂාන් ජිවක ජයරුක්




