අනංගයාට මහියංගනයෙන් පනින්න බැරිවෙයි


විවිධ නම් වලින් පෙනී සිටිමින් විවාහයන් 11ක් හා විවිධ ආයතන හා පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ ගණනක් මුදල් වංචා කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය කියයි. සැකකරුවට විරුද්ධව බහු විවාහ හා මුදල් වංචා සම්බන්ධයෙන් හම්බන්තොට, කඩුවෙළ, මාතර අධිකරණයන් හී විභාග වන නඩුවලට ඉදිරිපත් නොවීම නිසා වරෙන්තු නිකුත් කර ඇතැයි ද පොලිසිය කියයි.