ගුවන් නියමුවකු වෛද්‍යවරයකු හා විදුලි ඉංජිනේරුවකු ලෙස පෙනී සිටිමින් පුවත්පත්වල මංගල දැන්වීම් දැමූ කතුන් රවටා මුදල් වංචා කළැයි කියන අයකු (36) හාලිඇල කන්දේගෙදරදී අද (9) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොළඹ, අම්බලන්ගොඩ, ගම්පහ, අලුත්ගම ඇතුළු පෙදෙස් රැසක කාන්තාවන් මුලා කර මොහු රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කර ඇතැයි කියති.