අධිවේගීයේ අනතුරකින් විදේශිකයන් 4කට තුවාල


(චන්ද්‍රසේන ගමගේ සහ  පද්මසිරි ගාර්දියවසම්)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අගුණකොළපෑලැස්ස දහඅමුණ ප්‍රදේශයේදී අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 168 කණුව ආසන්නයේදී අද (15)සවස වෑන් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් වෑන් රථයේ ගමන් කළ ඉරාන ජාතිකයෙන් සිව් දෙනකු සමඟ රියදුරු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කොට තිබුණි.

ඉරාන ජාතිකයින්ජාතිකයන් සිව් දෙනකු සමග ඇල්ල ප්‍රදේශයේ සිට මිරිස්ස දක්වා ගමන් කරමින් තිබූ වෑන් රථය ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මත්තල දෙස සිට පොල් සහ කෙසෙල් පටවාගෙන පැමිණ ඇති ලොරි රථයේ වෑන් රථය ගැටීමෙන් ලොරි රථයේ පසුපස කොටස මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබුණි.

තුවාල ලැබූ වෑන් රථයේ සිටි ඉරාන ජාතකයින් සිව්දෙනා සමග රියදුරු ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව අද සවස රෝහලින් පිටව ගොස් තිබුණි. ඔවුන්ට සුළු තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.වෑන් රථයේ රියදුරට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක සැක කරයි.