අධිවේගී වීඩියෝව අධිවේගෙන් එළියට ගිය හැටි නොදනී


දක්ෂිණ අධිවේගී මාර්ගයේ පසුගිය අප්‍රේල් 11 වැනිදා සිදුවූ මාරක අනතුරේ වීඩියෝ දර්ශන තංගල්ලේ වැසියන් කිහිප දෙනකුට ලැබී ඇත.

මහරගම ස්වර්ණාභරණ ව්‍යාපාරිකය ඒ ජී ඩී ශානක මහතා මේ අනතුරින් මිය ගියේය.

අධිවේගී මාර්ග මාධ්‍ය ඒකකයට පමණක් එම මාර්ගයේ සිදුවන දෑ ඡායාරූප ගැනීමට හා වීඩියගත කිරීමට අවසර ඇත.

එසේ තිබියදී එවැනි වීඩියෝවක් තංගල්ලට ලැබුණේ කෙසේදැයි බොහෝ දෙනෙක් අසති.

අධිවේගී මාර්ග අධ්‍යක්ෂ හා මෙහෙයුම් කළමනාකරු ඩී කේ රණතුංග මහතා පැවසුවේ අධිවේගී මාර්ග මාධ්‍ය ඒකකයේ වීඩියෝ රක්ෂණ සමාගමට හැර අන් අයට නොලැබෙන බවයි.

මෙම වීඩියෝව බාහිර පිරිසක් අතට පත්වූයේ කෙසේදැයි නොදන්නා බව ද ඔහු කියයි.