අධිවේගී මාර්ග සහස්යා ආයතනයට පවරයි


(අංජුල මහික වීරරත්න)

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්මන්ට්  ලිමිටඩ් වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අධිවේගී මාර්ග ජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම්, අධිවේගී මාර්ග ණය(දේශීය) සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වානිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට කැබිනට්  අනුමැතිය ලැබී තිබේ තිබේ.

ඒ අනුව නීතිමය හා මූල්‍යමය සක්‍යතා අධ්‍යයනයකින් පසු මාස හයක් ඇතුළත අදාළ සියලු වත්කම් පැවරීමට නියමිතය.