අධිවේගී බස් ගාස්තු අඩු කරයි


අද මැදියම් රැයේ සිට ලබන 25 වන තුරු  අධිවේගී මාර්ග බස් ගාස්තු සියයට 30කින් පමණ අඩු කිරීමට යයි. මහින්ද රාජපක්ෂ ජනපතිගේ උපදෙස් අනුව මේ පියවරගෙන ඇත. මේ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ගොඩගම දැනට පවත්නා රුපියල් 550 ගාස්තුව රුපියන් 350ක් වනු ඇත. කොට්ටාව පින්නදූව දැනට පවත්නා රුපියල් 400 රුපියල් 300කි. කොළඹ කටුනායක මාර්ගයේ  පෑලියගොඩ කටුනායක ගාස්තුව රුපියල් 200කි. පෑලියගොඩ ජාඇළ ගාස්තුව රුපියල් 150 කොට්ටාව කඩුවෙල ගාස්තුව රුපියල් 100කි.